E-Tech Practical එක වෙන්නෙ මෙහෙමයි

ආයුබෝවන් හැමෝටම . අද අපි කතා කරන්න යන්නෙ ඒ ලෙවල් ඉංජිනේරු තාක්ෂණවේදයට අදාල ප්‍රැක්ටිකල් එක වෙන්නෙ කොහොමද කියල. මේකෙ ප්‍රධාන අංශ 3 ක් යටතේ ක්‍රියාත්මක වෙනව ඒ තමයි

  • සිවිල් තාක්ෂණවේදය
  • යාන්ත්‍රික තාක්ෂණවේදය
  • විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය

ඒ වගේම එක  විෂය ක්ෂේත්‍රයකින් ප්‍රැක්ටිකල් දෙක ගානෙ ඔයා ප්‍රැක්ටිකල් 6ක් පැය තුනක කාලයකින් කරල ඉවරකරන්නත් ඕනෙ. ඉතින් විභාගෙ දවසෙදි ලමයි තිස් දෙනෙක්ට වගේ එකපාර  ඇතුලට යන්න පුලුවන්. ඉතින් මේ 30 දෙනාව කණ්ඩායම් තුනකට කඩල ලමයි 10 ගානෙ වෙන වෙනම සිවිල්, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික ලැබ් 3ට යවනව. 

ඉතින් ඔයා හිතන්න ඔයාට මුලින්ම හම්බුනේ සිවිල් ප්‍රැක්ටිකල් එක කියල. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනෙ Addmision එක පුරෝන එක. ඒකෙදි විෂය ලෙස සිවිල් තාක්ෂණවේදය යන්නත් දිනය , අත්සන දාල ඒක පුරවගන්න ඕනෙ. ඒ එක්කම එතන Attendance Sheet එකක් තියනව ඒකත් අනිවාර්‍යෙන්ම අත්සන් කරන්න ඕනි. ඒ එක්කම අපිට දෙනව A, B, C, D කියල ගහපු තුණ්ඩු කිහිපයක්. ඒකෙන් එකක් අපි තෝරගන්න ඕනි. ඊට පස්සෙ ඒ තුණ්ඩුවට අදාල පේපර් එකක් අපිට හම්බෙනව. ඒකෙ ප්‍රැක්ටිකල් දෙකක් තියනව. ඒ දෙක පැයක කාලයක් ඇතුලත අපි කරල ඉවරකරන්න ඕනෙ.

එතකොට සිවිල් වල මොනවද ප්‍රැක්ටිකල් එකේ අහන්නෙ?

මෙන්න මේ දේවල් ප්‍රධාන වශයෙන් අහන්න පුලුවන්.

  1. කම්බි දැලක් බැඳීම
  2. ටැප් ලයින් එකක් දැමීම
  3. ගඩොල් බැම්මක් බැඳීම
  4. උඩහලු  බැඳීම
  5. අත්තිවාරම් නූල් ඇදීම
  6. කොන්ක්‍රීට් බැහුම් පරීක්ෂණයක් කිරීම
  7. වහලයක පලු, රීප්ප මූට්ටුවක් සහිත ආකෘතියක් සකස් කිරීම
  8. වැලි වල පිපුම්, රොන්මඩ පරීක්ෂාව

මුලින්ම පේපර් එක දීපු ගමන් හොඳට කියවගන්න ඕනෙ. ඊට පස්සෙ පියවරෙන් පියවර ප්‍රැක්ටිකල් එක කරන්න පටන් ගන්න ඕනෙ.  කලබල වෙන්න එපා. මේකෙදි ඔයා කොච්චර හොඳට ප්‍රැක්ටිකල් එක කලත් ඔයාට ලකුණු අඩු වෙන්න පුලුවන්. මොකද මේ පේපර් එකේ ලකුණු දෙද්දි සැලකිලිමත් විය යුතු කරුණු වෙනමම දක්වලා තියනවා. අන්න ඒවට විශේශ අවධානයක් දෙන්න ඕනෙ. 

ඉතින් ඔයා ප්‍රැක්ටිකල් එක කරද්දි මෙන්න මේ දේවල් වලට තමා ලකුණු ලැබෙන්නෙ.

  • අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තෝරා ගැනීම
  • උපකරණ වල පිරිසිඳු බව තහවුරු කර ගැනීම.
  • ක්‍රියාවලිය තුල පිරිසිඳු බව කෙරෙහි අවධානය යොමු කිරීම.
  • උපකරණ හැසිරවීමේ නිරවද්‍යතාව.
  • මිනුම් ලබා ගැනීමේදී ශිල්පීය ක්‍රම භාවිතය.
  • කණ්ඩායමේ අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීම
  • තමාගේත් අන් අයගේත් ආරක්ශාව තහවුරු වනසේ කටයුතු කිරීම.
  • උපකරණ ගලවා හෝ පිරිසිඳු කර ස්ථානගත කිරීම

දැන් ඕගොල්ලන්ට තේරෙනව ඇති විභාගෙදි ලකුණු ලබා දෙන්නෙ අපි ප්‍රැක්ටිකල් එක කරනවටම නෙවේ කියල. එතන අපි හැසිරෙන විදිහ, ආරක්ශිත පිලිවෙත් අනුගමනය කරනවද කියන ඒවටත් ලකුණු ලැබෙනව. ඒක නිසා දන් නෑ කියල නිකන් ඉන්න හදන්න එපා. මොනවමහරි දෙයක් කරන්න උත්සාහ කරල එන්න. මේක ඉවර උනාට පස්සෙ ඔයා ගත්තු  උපකරණ, ආවුද තිබුණු ස්ථාන වලින් අනිවාර්‍යෙන්ම තියන්නත් අමතක කරන්න එපා. 

ඊට පස්සෙ මේක ඉවර උනාට පස්සෙ අපිට තියෙන්නෙ සිවිල් එකේ අනිත් ප්‍රැක්ටිකල් එක. ඒකෙදි මෙන්න මේ වගේ දේවල් අහන්න පුලුවන්

  1. යම්කිසි බිම් කොටසක පිහිටා ඇති වස්තූන්ගේ දළ පිහිටීම කඩදාසියක් මත නිරූපනය කිරීම.
  2. ගසක උස ගණනය කිරීම.
  3. දම්වැල් මැනුම භාවිතා කර කුඩා බිම් කොටසක් මැන එහි බිම් සැලැස්ම නිර්මාණය කිරීම.
  4. මට්ටම් ගැනීමේ සිද්ධාන්තය භාවිතා කර කෙටි මාර්ග කොටසක දික්කඩක් පිලියෙල කිරීම.
  5. තියොඩොලයිට්ටුව භාවිතා කර කුඩා ඉඩමක් මැන එහි බිම් සැලැස්ම පිලියෙල කිරීම.
  6. ජල කරාමයක්, කපාටයක්,  නාන වතුර මලක් ඇතුලත් ජල සම්පාදන කොටසක් ස්ථාපනය කිරීම.

මේක ඉවර උනාට පස්සෙ ඔයාට හම්බෙන්නෙ යාන්ත්‍රික තාක්ෂණවේදය හරි ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය කියන ප්‍රැක්ටිකල් දෙකෙන් එකක්. ඔයා හිතන්න ඔයාට මුලින් යාන්ත්‍රික තාක්ෂණවේදය හම්බුනා කියල. ඉතින් මේකෙදිත් ඔයා මුලින්ම කරන්න ඕනි මේකෙ ඇඩ්මිෂන් එක පුරවන එක. ඒකෙ විෂය ලෙස යාන්ත්‍රික තාක්ෂණවේදය කියල අනිවාර්‍යෙන්ම ඔයා ලියන්න ඕනි. ඊට පස්සෙ කලින් වගේම ඔයාට තුණ්ඩු ලබා දීම සිදු වෙනව. ඉතින් ඔයාට මේකටත් හම්බෙන්නෙ පැයක වගේ කාලයක්. ඉතින් මේකෙදි අපිට හම්බුවෙන්නෙ ප්‍රධාන වශයෙන් ප්‍රැක්ටිකල් දෙකයි. 

  1. මූලික ස්වයං චලන තාක්ෂණවේදය
  2. මූලික නිෂ්පාදන තාක්ෂණවේදය

මේකෙදි ස්වයං චලන තාක්ෂණවේදයට මේ වගේ දේවල් අහන්න පුලුවන්.

  1. පිෂ්ටනය , පිෂ්ටන් ඇණය , හා සබැඳුම් දණ්ඩ නිවැරදිව සවි කිරීම. 
  2. ජ්වලන පද්ධතියේ සරල දෝෂ නිවැරදි කිරීම.
  3. පංකා පටිය නිවැරදි ආතතියට සීරු මාරු කිරීම.
  4. එන්ජිමෙන් ගැලවූ ස්නේහන පොම්පයක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම.
  5. ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරයක කොටස් එකලස් කිරීම.
  6. බ්‍රේක් සීරු මාරු කිරීම.
  7. ට්‍රැපට් එජස් කිරීම.
  8. ප්ලග් ගැප් එක මැනීම.

ඒවගේම නිෂ්පාදන තාක්ෂණවේදය  ප්‍රැක්ටිකල් එකේදි ඔයාලට ලැබෙන්නෙ මෙන්න මේ වගේ දේවල්

  1. මූඩි විවෘත කරනයක ආකෘතියක් නිර්මාණය කිරීම.
  2. දෙන ලද මිනුම් වලට අනුව කප්පි එකලසක් නිර්මාණය කිරීම
  3. දූවිලි එකතු කරන තැටියක් තුනී තහඩු භාවිතයෙන් සැකසීම.
  4. ලීයක් යම් හැඩයකට කපා සිදුරු විදීම.
  5. තහඩු රිවට් කිරීම.
  6. ලේත් මැෂින් එක භාවිතය.

ඉතින් පුලුවන්නම් ඔටෝමොබයිල් ප්‍රැක්ටිකල් එක පුලුවන් තරම් ඉක්මනින් ඉවරකරන්න. මොකද අපිට මේ ප්‍රොඩක්ෂන් ප්‍රැක්ටිකල් එක කරන්න වැඩි කාලයක් අවශ්‍ය වෙනව. ඒ වහේම මේකෙදි අපිට අවශ්‍ය ආවුද හා උපකරණ වෙනම මේසයක තියල තමා තියෙන්නෙ. ඉතින් අපි අවශ්‍ය ආවුද හා උපකරණ තෝරාගැනීම අවශ්‍ය වෙනව. ඉතින් අපි මේ විදියට අවශ්‍ය උපකරණ තෝරාගන්න එකටත් අපිට ලකුණු ලැබෙනව. එකවරම උපකරණ තෝරා ගැනීමට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය වේලාවට ගිහින් මේ උපකරණ අරන් එන්න පුලුවන්. 

ඊලඟට අපිට තියෙන්නෙ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයට අදාල ප්‍රැක්ටිකල් එක. මේකෙදිත් කලින් වගේම ඇඩ්මිෂන් එක පුරවල අත්සන් කරන්න ඕනෙ.

ඉලෙක්ට්‍රිකල් ප්‍රැක්ටිකල් එකේදි මෙන්න මේවගේ දේවල් අහන්න පුලුවන්

  1. ගෘහ විද්‍යුත් පරිපථ
  2. එකම විදුලි පහන ස්ථාන දෙකකින් පාලනය කල හැකි පරිපථ
  3. පාරිභෝගික ඒකකය එකලස් කර ඉහත විදුලි පරිපථ පාරිභෝගික ඒකකයට සවි කිරීම

මෙන්න මේ දේවල් අහන්න පුලුවන්. මේකෙදි සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ තමා රෙගුලාසි හා සම්මතයන්ට අදාලව අවශ්‍ය වයර් සහ උපකරණ තෝරා ගන්න ඕනෙ. 

ඊලඟට අපිට තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ප්‍රැක්ටිකල් එක. මේකෙදි තමා ටිකක් ලොකු පරාසයක දේවල් ටිකක් අහන්නෙ.

  1. දෙන ලද පරිපථයක් ව්‍යාපෘති පුවරුවක එකලස් කිරීම සිදු කරන්න ඕනි. මේකෙදි අපිට,
  • මල්ටිමීටරය
  • දෝලනේක්ෂය
  • සංඥා ජනකය
වගේ උපකරණ භාවිතා කරන්න සිද්ධ වෙනව. ඒ වගේම IC පරීක්ෂා කිරීමට සිදු වුවහොත් තාර්කික ද්වාර පිලිබඳ දැනුමත් අවශ්‍ය වෙනව. ඒ වගේම IC, OPPAMP, ප්‍රතිරෝධක, ඩයෝඩ, පරිණාමක, විචල්‍ය ප්‍රතිරෝධක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ ව්‍යාපෘති පුවරුව මත සවිකරන අයුරු දැනගෙන ඉන්න ඕනි.
 
ඉතින් මේ ගැන යාලුවන්ටත් දැනගන්න අනිවාර්‍යෙන් මේ පෝස්ට් එක ශෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනන් ගිහින් එන්නම්. නැවත අලුත් ලිපියකින් හමුවෙමු.
Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn