SFT Online Paper – 2

Welcome to your SFT Online Paper - 2

Name
Email
Phone Number
1. දිග හා පලල පිලිවෙලින් x හා y  වන ඍජුකෝණාස්‍රයක විකර්ණ 101 cm වේ. x හා y පූර්ණ සංඛ්‍යා වේ නම් ඒවායේ අගය විය හැක්කේ ?
2. මායිම හරහා පදාර්ථ හා ශක්තිය හුවමාරු නොවන පද්ධතිය හඳුන්වන්නේ ?
3. තඹ කම්බියක ප්‍රතිරෝධය ඕම් 20 කි. එම කම්බිය රත් කර ද්‍රව කිරීමෙන් පසුව ප්‍රථම කම්බියේ දිගින් අඩක් වන කම්බියක් සාදනු ලැබේ. කම්බියේ ප්‍රතිරෝධය වන්නේ ඕම් වලින් ?
4. ත්‍රපීසියමක සමාන්තර පාද දෙකේ දිග 60 cm හා 77 cm බැගින් වේ. අනෙක් පැති දෙකෙහි දිග 25 cm සහ 26 cm බැගින් නම් එම ත්‍රපීසියමේ වර්ගඵලය කොපමණද?
5. ඍජුකෝණාස්‍රයක ශීර්ෂ 3ක් පිලිවෙලින් (4,1) , (7,4) , (13,2) වේ නම් එහි 4 වන ශීර්ෂයේ ඛණ්ඩාංක වන්නේ ?
6. කුඩාම මිනුම 0.1 mm වන ව'නියර් කැලිපරයකින් 25.0 mm මිනුමක් ලබාගත් අවස්ථාවක් සලකමු. මෙම මිනුමේ ප්‍රතිශත දෝෂය වන්නේ ?
7. පොට අතර අනුපාත 4 : 1 වන සම්පූර්න හැසිරීම දක්වන අවකර පරිණාමකයක ප්‍රාථමික දඟරය 240 V ප්‍රත්‍යාවර්ථ සැපයුමකට සම්බන්ධ කර ඇති අතර ප්‍රාථමික දඟරයේ ක්ෂමතාවය 80 W වේ නම් ද්විතියීක දඟරයේ ගලන ධාරාව වන්නේ ?